පහුගිය නිවාඩුවට අපි උබලගේ රටට ගියා.උබලගේ රට හරිම ලස්සන ,මුහුද හරිම ලස්සන. අපි ගොඩක් තැන්වලට ගියා .හරිම ලස්සන .කොහොමත් ඉතාලි කාරයෝ මුහුදට හරිම කැමති ,අපිටනම් එකේ එතරම් වටිනා කමක් නැහැනේ.ඔහොම කතාව කෙරීගන යද්දී ,ලග හිටපු ඉතාලි ගැහැණි කියනවා ,මෙහෙම ...අනේ පව් උබලගේ රටේ රෙදි හෝදන හැටි දැකල මට හරිම දුක හිතුන ,උබලගේ රටේ ගැහැණු ඇගේ දමාගෙන නේද රෙදි හෝදන්නේ.ඇත්තට උබලගේ රටේ රෙදි හෝදන්න වෙන ක්‍රමයක් නැතිද ?...........පස්සේ අපිට මේක මාර ප්‍රස්නයක්, අපේ රටේ ගැහැණු ඇගේ දමාගෙන රෙදි හෝදනවලු? ටිකක් කල්පනා කරලා බලද්දී තේරුනේ මොකක්ද මේ කතාව කියල,අපේ රටේ ගැහැණු නාන්නේ තනපට ඇදගෙනනේ ..සබන් ගාද්දී ඇදගෙන ඉන්න රෙද්දට නේ සබන් ගන්නේ, මේක දැකපු මේ ඉතාලි ගැහැණි හිතුවේ අපේ රටේ රෙදි හෝදන්නේ මෙහෙම කියල.
Iscriviti a:
Commenti sul post (Atom)

Nessun commento:
Posta un commento